තුර්කියේ බෝම්බ පිපිරීම් දෙකක්

December 11, 2016

තුර්කියේ, ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත 166 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම පිපිරීම් දෙක කාර් බෝම්බයක් හා පොලීසිය ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ප්‍රහාරයෙන් පසුව වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. බේසික්ටාස් ක්‍රීඩාගංණයෙන් ක්‍රීඩා ලෝලීන් ඉවත්ව පැය දෙකකට පමණ පසුව පිපිරීම් සිදුව ඇති බවද කියැවෙයි.

t

o

p