වැට් නිදහස ලැබු සෞඛ්‍ය සේවා ගැසට් කරයි

December 8, 2016

සෞඛ්‍ය සේවයට අදාළ ගාස්තු හතරක් හැර අනෙක් වියදම් එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්දෙන් නිදහස් කිරිමේ අති විශේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඊයේ (08) ඉදරිපත් කළේය.
ගැසට් නිවේදනයට අනුව වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් ගාස්තු සහ රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් වියදම් මේ අනුව වැට් බද්දෙන් නිදහස් කෙරෙනු ඇත.
මෙම ගැසට් නිවේදනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2016 අංක 20 දරණ එකතු කළ අගය මත බදු පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ පස්වන වගන්තියේ (15) උප වගන්තිය යටතේ මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රිකාව නිකුත් කර තිබේ.

t

o

p