බුද්ධි අංශය දේශපාලනිකරණයෙන් තොරවිමට පිට අයෙක් ප්‍රධානියා කළ යුතුයි – අගමැති

December 7, 2016

දේශපාලනී කරණයෙන් තොරව බුදධි අංශයට කටයුතු කළ හැකි වන්නේ බුද්ධි අංශයෙන් පිට අයෙක් එහි ප්‍රධානියා ලෙස පත් කිරිමෙන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පිටස්තර පුද්ගලයෙකු පත් කිරිම පිළිබඳ යුද හමුදාපතිවරයාට තමන් ස්තඣතිය පළ කරනා බවද අගමැති වික්‍රමසිංහ මහතා කීවේය.
බුද්ධි අංශයේ නිලධාරින් වැඩි කාලයක් එහි සිටින බිට එය ව්‍යාපාරයක් බවට පත් කර ගන්නා බව පැවසු අගමැතිවරයා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ඕනෑම අංශයක නිලධාරියෙක් පත් කිරිමේ බලය හමුදාපතිවරයාට තිබෙන බවද ප්‍රකාශ කළේය.
වර්තමාන රජය නවීන ආරක්ෂක හමුදාවක් සකස් කරගෙන යන බවද ඇතැමුන් ඊට බියවී කෑ ගසන බවද හෙතෙම පැවසීය. ඕනෑම සටනක යෙදිය හැකි යානා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයිද අගමැතිවරයා කීවේය.

t

o

p