රජයේ ප්‍රතිපත්ති සකසන්නේ කෝප් කමිටුවට ඕන විදියට නොවෙයි – සභානායක

December 7, 2016

රජයේ ප්‍රතිපත්ති සකස් කරන්නේ ආණ්ඩුව මිස කෝප් කමිටුව නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
විදුලි බල මණ්ඩලය යටතේ ඇති ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් සමාගමේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ විවාදයකදී සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයේදි සුනිල් හදුන්නෙත්ති මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයේ රජයට ඇති අයිතිය බැහැර කිරිමට ආණ්ඩුව උත්සාහන කරන බවත් අදාළ සමාගම සතු කොටස් රජයට පවරා ගත යුතු බවට කෝප් කමිටුව නිර්දේශ කර තිබියදි ආණ්ඩුව ඊට පරිබාහිරව කටයුතු කරමින් සිටිනා බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
එහිදි නැගි සිටි සභානායකවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති තිරණය කරන්නේ ආණ්ඩුව මිසක් කෝප් කමිටුව නොවන බවයි. කැබිනට් මණ්ඩලය අවශ්‍ය තින්දු තීරණ ගන්නා අතර ඒවා ක්‍රියාත්මක කිරිම අනෙකුත් ආයතනවලට පැවරි ඇති බවද ඒ මහතා පැවසීය.

t

o

p