ප්‍රධාන රථවාහන වැරදි 7ට දඩය රු 25000යි

November 22, 2016

රථ වාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමිය යුතු බවට ඊයේ (21) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු, පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ද සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව කියැවෙයි.

අදාළ සාකච්ඡාවේ දී හඳුනා ගත් රථවාහන වැරදි

  1. බීමත්ව රිය ධාවනය
  2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය
  3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට රථ වාහන ධාවනයට ඉඩ සැලසීම
  4. දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය කිරීම
  5. රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම
  6. අධික වේගය
  7. වම් පසින් ඉස්සර කිරීම

t

o

p