අධිසුඛෝපභෝගී වාහන දඩය 10,000 ක් කරන්නලු – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

November 15, 2016

අධිසුඛෝපභෝගී වාහන සඳහා අවම දඩය රුපියල් දස දහසක් කරන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

යතුරුපැදිකරුවෙකු මසකට ඉන්ධන සඳහා දරණ වියදමට වඩා අදාළ දඩ මුදල වැඩි බවත්  මීට විරෝධය පළ කරමින් යතුරුපැදිකරුවන්ට තම අතෙහි හෝ යතුරුපැදියෙහි කළු පටියක් ප්‍රදර්ශනය කරන ලෙස  එම සංගමය ඉල්ලයි.

අවම දඩ මුදල වැරැද්ද කරන රියදුරා ධාවනය කරන වාහනයේ වටිනාකම අනුව අයකිරීමට පියවර ගන්නැයි ද ඒ අනුව 100 සී.සී අඩු යතුරු පැදි සඳහා 30% කින් ද 100 සී.සී වැඩි යතුරු පැදි සඳහා 50% කින් ද අධිසුඛෝපභෝගී වාහන සඳහා 400% කින් ද දඩ මුදල් වැඩි කරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

t

o

p