උපාධිධාරීන්ට පාරට බහිනවා හැර විසඳුමකුත් නෑ

November 15, 2016

මෙවර අය වැයෙන් ද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බවත්, පාලකයින්ට උපාධිධාරීන්ගෙ ගැටලුව විසඳීමට නොහැකි නම් මහ පාර තෝරගැනීමට සිදුවන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඉදිරියට යන්න හිතන අය එන්න කියලයි මේ පාලකයො තරුණ තරුණියන්ට ආමන්ත්‍රණය කළේ. මේ අය වැයෙන් මොකද කළේ ඒ තරුණ තරුණියන්ට?. 30000 ක් වෙච්ච උපාධිධාරී තරුණ තරුණියන්ට මොකක්ද මේ යහපාලනය ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ? මිලියන 1.5ක් දෙනවලු ව්‍යාපාර පටන්ගන්න. මේ මොන විහිළුවක්ද? ඒකටත් වෙන්කරල තියෙන්නෙ මිලියන 150යි. ඒ කියන්නෙ 100කට විතරයි. මෙහෙමද මේ යහපාලන ආණ්ඩුව 30,000ක් වුණු උපාධිධාරී පිරිසට සලකන්නෙ. ආණ්ඩුවට අපි කියනවා මේවට විසඳුම් දෙන්න බැරි නම් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා.

t

o

p