බස් වර්ජනය නවතී

November 14, 2016

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය හදිසියේ අත්හිටුවීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

මුදල් ඇමති රවි කරුණානායක මහතා සමග අද සවස පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තිරණය ‍ගත් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු වි‍ජේරත්න මහතා ප්‍රකාශ කළේය.

යළිත් හෙට (15) දිනයේදිද යළිත් මුදල් ඇමතිවරයා හමුවී සාකච්ඡා කරනා බවද ගැමුණු විජේරත්න මහතා කීය. එතෙක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්විමට තිබු බස් වර්ජනය අවසන් කර තිබේ.

 

t

o

p