රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

November 9, 2016

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (08) විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් කඩුලු 05ක් බිඳලීමට සමත්වූ අතර, පන්දුවාර 26කදී ඔහු වැයකළේ ලකුණු 89ක් පමණි.

හේරත් දවාගත් මෙම කඩුලු පහත් සමගින් ඔහු ලොව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 05 බැගින් බිඳහෙලා ඇති අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව තෙවැනි පන්දු යවන්නා ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්විමට ඔහුට හැකිවිය. එමෙන්ම හේරත්ගේ මෙම පන්දු යැවීම වඩාත් සුවිශේෂී වන්නේ ටෙස්ට් ක්‍රීඩාකරන සියලුම රටවලට එරෙහිව කඩුලු 05ක් දවාලූ එකම වමත් දඟපන්දු යවන්නාද ඔහු පමණක් වීමය.

t

o

p