ජනහඬ පදනම ලන්ඩන් මන්ත්‍රීවරු දැනුවත් කරති

March 9, 2014

janahanda foundation london_090314

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනමේ සාමාජික පිරිසක් පසුගියදා එම පළාතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විරේන්ද්‍ර ශර්මා සහ සීමා මල්හෝත්‍රා හමුවී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා සමාජීය තොරතුරු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පවත්වනු ලැබූහ.

මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමයි.

දැනට ලන්ඩන් නුවර පිහිටුවා ඇති එල්ටීටීඊ හිතවාදී සංවිධාන මඟින් පාලන පක්ෂ දෙකට හා විපක්ෂයට අයත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 32 දෙදෙනෙකු පමණ විවිධ උපක්‍රම මාර්ගයෙන් ඔවුනගේ පැත්ත ගෙන අදහස් ඉදිරිපත් කිරීමට පොළඹවා ගැනීමට සමත්ව සිටින බව එම මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවේදීත් මාධ්‍ය සාකච්ඡාවලදීත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන අදහස් තුළින් පෙනී යන බව බොහෝදෙනා පවසති. මෙවැනි පසුබිමක් යටතේ එම මන්ත්‍රී වරුන්හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමට වඩා ඔවුන්හට මුණගැසී කිසියම් ප්‍රමාණයක සුහදතාවක් ගොඩනඟා ගනිමින් සත්‍ය තොරතුරු සපයාදී ඇත්ත ඇති සැටියෙන් වටහා දීමට උත්සාහ ගැනීම වඩාත් කාලෝචිත මෙන්ම වැඩදායී වන බව මේ පිළිබඳව කරුණු දැක්වූ ජනහඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් කීවේය.

janahanda foundation london_090314_1

ශර්මා සහ මල්හෝත්‍රා මන්ත්‍රීන් මුණගැසී ඔවුන් සමඟ සුහදව ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමත් ඔවුන්ගේ මාර්ගයෙන් අනෙකුත් මන්ත්‍රී වරුන් දැනුවත් කිරීමත් සඳහා ජනහඬ පදනම දීර්ග කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වෙයි.

මේ සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබාදීමට සතුටුවන බව එම මන්ත්‍රීවරුන් පවසා ඇත. එම හමුව සඳහා ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් සමඟ ලේකම් සමන් ප්‍රියන්ත සහ මාධ්‍ය සංවිධායක සුසුත මනෝජ් ද සහභාගී වී ඇත.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p