ඖෂධ මිල අඩු නොකරන අලෙවිසැල් සොයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැටලිම්

November 7, 2016

අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ගයන් හි මිල පාලනය ක්‍රියාත්මක නොකරන ඔෟෂධ අලෙවිසැල් සොයා වැටලීම් ආරම්භ කරනා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග 48 ක මිල පාලනයක් ඇති කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි අද (07) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත වැටලිම් දිගටම කරනා බවද මහිපාල මහතා එහිදි කීවේය.

එම පැමිණිලි ලබා ගැනිම වෙනුවෙන් ඉකුත් සිකුරාදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ද ස්ථාපිත කර ඇත.

t

o

p