තමා ශ්‍රි ලංකාවේ මුදල් ඇමති මිස චිනයේ මුදල් ඇමති නොවේ – රවිගෙන් චින තානාපතිට පිළිතුරු

November 3, 2016

චින තානාපති අපේ හොද මිත‍්‍රයෙක් වුවත් චින තානාපති සිදුකළ ප‍්‍රකාශය වැරදි බවත් ඡනාධිපතිතුමා සහ අගමැතිතුමා ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස තමා පත්කළා මිස තමා චින මුදල් ඇමති ලෙස පත් කර නැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසිය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා 03 මල්වතු අස්ගිරි මහා නාහිමි වරුන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ සදහන් කළේය.
තමා මෙරට මුදල් අමාත්‍ය වරයා ලෙස අනවශ්‍ය වියදම් සදහා වැයවන සෑම තඹ සතයක්ම මේ රටේ ඡනතාව වෙනුවෙන් අඩු කර ඡනතාව ණය බරින් මුදාගැනිමට කටයුතු කරන බවද කිය. ඒ තුළින් පසුගිය කාලයේ සිදුකළ දුෂණ හෙලිදරව් වනවා නම් එයට තමාට කළහැකි දෙයක් නැතැයිද අමාත්‍ය වරයා පැවසිය.
රාඡපක්ෂ ආණ්ඩුව සියයට විසි පහට තිහට ගත් ගත් බොරු ණය සදහා විශාල පොලියක් නොගෙවා කටයුතු කිරිමට වත්මන් රඡය කටයුතු කරන බවද අමාත්‍ය වරයා සදහන් කළේය.
චිනය පිරිසිදු ගමනක් යනවා මෙන්ම ලංකාවත් පිරිසිදු ගමනක් යාමට උත්සාහ කරන නිසා එයට බාධා නෙකළ යුතු බවද අමාත්‍ය වරයා පැවසිය. නව රඡය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඡයිකා ආයතනය, ඡාත්‍යාන්තර මුල්‍ය අරමුදල, වැනි ආයතන වලින් සියයට දෙකටත් වඩා අඩුවෙන් ණය ගෙන ඇතැයිද හෙතෙම පැවසිය.
ඒසේ තිබියදි චින තානාපති වරයා කළ ප‍්‍රකාශය වැරදි සහගත බවත් එම ප‍්‍රකාශය තරයේ ප‍්‍රථික්ෂේප කරන බවත් අමාත්‍ය වරයා සදහන් කළේය. මෙරටේ මුල්‍ය දුෂණ පිළිබදව මුදල් ඇමතිවරයා ලෙස තමා කතා කරන බවත් අපේ රට පොඩි රටක් වුවත් ස්වාධීන රටක් බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සදහන් කළේය.
වරායට සහ මහාමාර්ගවලට චින රඡයෙන් ලබාදුන්නේ පරිත්‍යගයන් හෝ ප‍්‍රදානයන් නොව සියයට අටේ ණය බවද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසිය. තමා චීන තානාපති සිදුකළ ප‍්‍රකාශය අධ්‍යනය කළ බවත් වරාය සම්බන්ධයෙන් කොපමණ මුදලක් වියදම් කළාද? ඒ සදහා සියයට අටට ණය දුන්නේ නැද්ද? ඒ වගේම පාරවල් හැදිම සම්බන්ධයෙන් දුන් ණය සියයට කොපමණද? යන්න ඉදිරියේදි හෙළී කරන බව පැවසු මුදල් අමාත්‍ය වරයා වත්මන් රඡය අනවශ්‍ය වියදම් වලට සියයට අටේ නමයේ ණය කිසිසේත් නොගන්නා බවද පැවසිය.
පසුගිය රඡය සියයට දෙකට වඩා වැඩියෙන් ණය ගෙන නැතිනම් ඒ ලබාගත් ණය සදහා සියයට දෙකක මුදලක් පමණක් ගෙවිමට කටයුතු කරිමට සුදානම් බවද රවි කරුණානායක අමාත්‍ය වරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

t

o

p