බන්ධනාගාර ගත කෙරුණු ටිරාන් අලස් එහි රෝහලට යවයි

November 3, 2016

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළේ ටිරාන් අලස් හිටපු මන්ත‍්‍රීවරයා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එ් අනුව ඊයේ පස්වරුවේ ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය. පසුව ටිරාන් අලස් හිටපු මන්තී‍්‍රවරයා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇත. වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉන් පසුවය.

2006 වසරේදී රාඩා ආයතනයට උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස ඉදිරිකීමට ලබා දුන් රුපියල් මිලිනය 200කට ආසන්න මුදලක් එම ව්‍යාපෘතිය සඳහා යොදා නොගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබිනි.

t

o

p