ජී.එල්. ගේ නායකත්වයෙන් නව පක්ෂය ක්

November 2, 2016

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙකු වන මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව මල් පොහොට්ටුව ලකුණ දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට කටයුතු කරනා බව එම පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා විසින් මෙම කාරණය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දී තිබේ.

මෙම පක්ෂය මීට පෙර අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස පැවැති අතර එහි ඡන්ද ලකුණ වූවේ ක්‍රිකට් බැට් එකය. ඉකුත් වසරේ අගෝස්තුවේ මහ මැතිවරණ සමයේ මෙහි ඡන්ද සලකුණ මල් පොහොට්ටුව වශයෙන් වෙනස් කිරිමට ඉල්ලූම් කර ඇති අතර ඊට මැතිවරණ මහලේකම් කාර්යාලයේ අනුමැතිය හිමිව ඇත.

පසුගිය මාසයේදි අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස වෙනස් කිරිමට අවසර ඉල්ලා ඇති අතර ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමි වි තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පත් කරනා බවද දැනුම් දි ඇත.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදි ජි.එල් පිරිස් මහතාගේ නායකත්වයෙන් යුතු මල් පොහොට්ටුව ලකුණ දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p