අර්ජුන මහේන්ද්‍රන් හෙට (03) යළි ශ්‍රී ලංකාවට

November 2, 2016

සමීපතම මිතුරකුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවිම සඳහා දිවයිනෙන් පිටව ගිය යහපාලන ජාතික රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප්‍රධානි හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හෙට (03) යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
LNP arjun wedding
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහභාගී වූ විවාහ මංගල්‍ය පැවැතියේ ඉන්දුනිසායාවේ ජකර්තා අගනුවරය.
විවාහ මංගල උත්සවයට සහභාගී වෙමින් මනාල යුවල සමඟ ගත් ඡයාරූප ද මාධ්‍ය වෙත නිකුත් කිරිමට ජකාර්තා හි පදිංචි අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මිතුරු පියවර ගෙන තිබුනි.
ඔක්තෝම්බර් මස 27 දින දිවයිනෙන් පිටව ගිය ශ්‍රී ලංකා මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සතියකට ආසන්න කාලයක් පිටරට ගත කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සකස් කළ මහ බැංකු බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට දිනයක් තිබියදී දිවයිනෙන් බැහැරව ගිය අර්ජුන මහේන්ද්‍රන් මහතා මාධ්‍යයට කියා සිටියේ විවාහ මංගල්‍යයට සහභාගී වන බවට තමා සති හතරකට කලින් මිතුරාට තහවුරු කර තිබු බවය.
විවාහ මංගල උත්සවයට සහභාගීවිමට අදාළ දිනවල දිවයිනෙන් බැහැරව යන බව තමන් කලින්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දුන් බවද අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටියේය.

t

o

p