ලංගම ඇතුළු ආයතන 6 ක සේවකයන් ගෙදර යවන්න කෝටි 275 ක් ඉල්ලයි

October 31, 2016

ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය (ලංගම) ඇතුළු රජයේ ආයතන 6 ක් සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්විමේ ක්‍රමයක් යටතේ වන්දි ගෙවා විශ්‍රාම යැවිම වෙනුවෙන් රුපියල් තුන්සිය පන් කෝටි විසිනව ලක්ෂ අසු දහසක මුදලක් අනුමත කරන ලෙස ඉල්ලා රජය විසින් පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
මධ්‍යම ගමනා ගමන මණ්ඩල සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්විම සඳහා රුපියල් කෝටි 242 ක ප්‍රතිපාදනයක් ඉල්ලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
මීට අමතරව ලංකා සිමෙන්ති සමාගමේ සේවකයන් විශ්‍රාම ගැන්විම සඳහා වන්දි ගෙවිමට රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක්ද, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්විම සඳහා වන්දි ගෙවිමට රුපියල් තුන් කෝටි දහනව ලක්ෂ පනස් දහසක් ද, ජාතික කඩදාසි සමාගමේ සහ වාලච්චේන කඩදාසි කම්හලේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්විම සඳහා රුපියල් විසිනව කෝටි පන් ලක්ෂ තිස්දහසක්ද ප්‍රතිපාදන ලෙස ඉල්ලා කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
තවද සිමාසහිත ලංකා සළුසල සමාගමේ සේවකයන්ද ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්මිව සඳහා රුපියල් විසිනව කොටි අනු දෙලක්ෂයක ප්‍රතිපාදනයක්ද මේ යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා තිබේ.
ඇමති මණ්ඩල තිරණයකට අනුව මෙම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළව වන්දි ගෙවිම සඳහා පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉකුත් 28 දා මෙම පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

t

o

p