යහපාලනය හා නිර්පාක්ෂික භාවය

October 31, 2016

පසුගිය වර්ෂයේ ජනවාරි 08 වැනි දින වත්මන් පාලනය බිහි කිරිමට මෙරටේ ජනතාවගෙන් බහුතරයක් සිය ඡන්දය ප්‍රකාශ කළේ යහපත් සමාජ සංස්කෘතියක් බිහි කිරිමේ පරමාර්තය පෙරදැරි කරගෙනය. එවකට පැවැති රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව නොයෙක් චෝදනා නගමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා පුරවැසි සංවිධාන පෙරමුණ ගත්තේ රටේ වෙනසක් ඇති කිරිමටය.

විශේෂයෙන්ම යහපාලනය හරහා විනිවිදභාවයකින් යුතු රාජ්‍ය පාලනයක් ඇති වේ යැයි ජනතාව අපේක්ෂා කළේය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කිරිමේදී ඔහු පොදු අපේකෂකයා බවට පත් කළේ නිරිපාක්ෂිකව ක්‍රියා කරතැයි බලාපොරොත්තුවෙන් බව පැහැදිලිය.

කෙසේ වුවද බලයට පත් වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමට වෙර දැරිමය. අදටත් සිදු කරන්නේ එයමය. මේ නිසා ජනාධිපතිවරයාගේ නිර්පාක්ෂික භාවය ගැලවී ගොස් දේශපාලන න්‍යාය පත්‍රයක් ඔහුද අතට ගෙන ඇති බව රටේ ජනතාව ඉදිරියේ හෙළි වී හමාරය.

මේ වන විට රටේ ජනතාවට පොරොන්දු වූ කරුණු ඉටු කිරිමට වඩා පෙරමුණ ගන්නේ තම බලය තහවුරු කර ගැනිමට බ නම් පැහැදිලිව පෙනේ. ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියේ නම් මේ සියල්ලටම ඉහලින් සිටිමින් නිතියේ ආධිපත්‍ය යහමින් ශක්තිමත් කිරිමට ඔහුට අවකාශ තිබුනි.

එමෙන්ම සාධාරණ යුක්ති සහගත මෙන්ම දේශපාලන පළිගැනිම් හෝ න්‍යාය පත්‍රයක් නොමැති පරිසරයක් රටට නිර්මාණය කිරිමට ඉඩකඩ ඔහුට විවර විමට ඉඩකඩ තිබුනි. එහෙත් අද වන විට පක්ෂ දේශපාලනය හරහා ජනාධිපතිවරයා ද සම්ප්‍රදායික දේශපාලන සටනට බැස ඇති බව පෙනේ.

ජනතාව අපේක්ෂා කළේ මෙය නොවේ. දේශපාලන පක්ෂවලට තම දේශපාලන මතය අනුව ක්‍රියා කිරිමට සාධාරණ අයිතියක් ඇත්තේවුවද ජනාධිපතිවරයාට එවැනි අභිමතයක් තිබිය නොහැක. ඔහු පැමිණියේ ජනතා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරිමටය.

එනම් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙකු බිහි කිරිමට අදාළ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත් ඡන්ද ක්‍රමය ප්‍රතිශෝධනය කිරිමටත්, දුෂණයට එරෙහිව වැට බැදිමටත් ඔහුට දී තිබෙන ජනවරමේ කොටසකි. එහෙත් එයින් කොපමණ ප්‍රමාණයක් ඉටුකිරිමට උන්න්දුවක් වී ඇතිදැයි විමසා බැලිය යුතු කාලය දැන් උදාවී තිබේ.

විශේෂයෙන්ම ජනතාවගේ අභිමතය ක්‍රියාවට නැංවිමට ලබා දී තිබෙන අවකාශය ජනාධපතිවරයාත්, ආණ්ඩුවත්, දෙකම ඈත් කරමින් සිටින බව නම් පැහැදිලිව පෙනේ.

මේ වන විට ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කරමින් ආණ්ඩුව දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නිතිය ක්‍රියාත්මක කරන බව රටට හෙළි කර හමාරය. ස්වාධින කොමිෂන් සභාවල ස්වාධිනත්වය සම්බන්ධයෙන් ද අභියෝගයට ලක්ව තිබේ. පරණ පුරුදු විධියට නමින් ස්වාධින වූ කොමිසන් සභා හා එහි සාමාජිකයන් දැන් ක්‍රියා කරන්නේ දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම්වලට අනුවය.

ඔවුන් එසේ සිදු කරන්නේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත්, දෙපාර්ශවයම දේශපාලන න්‍යය පත්‍රයක් අතට ගෙන ක්‍රියා කරන බැවිනි. එම නිසා පොට වරද්දාගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසින්මය. මේ නිසා රටේ ජනතාව අපේක්ෂා කළ නිර්පාක්ෂික භාවය හෑල්ලූවට ලක් වී තිබේ. දේශපාලන පලිගැනිම් හා මෙහෙයවීම් පැහැදිලිවම සිදු වෙමින් තිබේ.

මහ බැංකු බැදුම්කර වංචාව වැනි මහා පාරිමාණ දුෂණ යටපත් වෙමින් තිබේ. ජනතාව අද සාධාරණත්වයක් බලාපොරොත්තු වන්නේ කාගෙන්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

තිස්ස අත්තනායක

t

o

p