මහ බැංකු බැදුම්කර කෝප් පරික්ෂණයේ තොරතරු පළ කළ මාධ්‍ය කැදවා ප්‍රශ්න කළ යුතුයි

October 30, 2016

මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට අදාලව පැවැති කෝප් කමිටු රැස්විම්වල තොරතරු මාධ්‍යවල පළ කිරිම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන හා මාධයවේදින් කමිටුවට කැදවා ප්‍රශ්න කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමති සුජිව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.
එම ඉල්ලිම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගෙන් කරමින් රාජ්‍ය ඇමතිවරයා මෙසේද කීය.
කෝප් කමිටුව මාධ්‍යයට විවෘත නැහැ. මාධ්‍ය ආයතන එහි කටයුතු ප්‍රකාශයට පත් කිරිම ගැන ප්‍රශ්න කිරිම සඳහා ඔවුන් කැදවිමේ බලයක් කෝප් කමිටුවට තියෙනවා.
නියෝජ්‍ය කතානායක – මේ ගැන කෝප් සභාපතිතුමා සමඟ සාකච්ඡා කරන්නම්.
බිමල් රත්නායක මහතා – මමත් කෝප් සාමාජිකයෙක්. මේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කැදවූ සෑම කෝප් රැස්විමකටම මම සහභාගී වුනා. දින දෙකක් විතරක් නොවේ හැම රැස්විමකටම ආවා. මාධ්‍ය වාර්තා හුගක් තියෙනවා. මාධ්‍ය කෝප් කමිටුව හමුවට කැදවිම ගැන අපි එකඟ වන්නේ නැහැ. එසේ නම් පළමුව කැදවිය යුත්තේ සභානායකවරයායි. ඔහු තමයි පළමුව මේ පිළිබඳව මාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කළේ. අපි දේශපාලන බබ්බු නොවෙයි.
සභානායක – මම කෝප් කමිටු සාමාජිකයෙක් නොවෙයි. මම දවසක් නැගිටලා ප්‍රකාශ කළේ හදුන්නෙත්ති මන්ත්‍රීතුමාට කෝප් සභාපතිකම කරන්න බැහැ මොකද ඔහු බැදුම්කර සිද්ධිය ගැන පළමුව ප්‍රවෘත්ති සාකච්ඡාව කළේ ඔහුයි. අපි ඒක ඔප්පු කරනවා.

t

o

p