නොගැලපෙන ඇදුමකින් සැරසි සභාවට පැමිණි මන්ත්‍රී

October 30, 2016

නොගැලපෙන තද පාට ඇදුමකින් සැරසි සභාවට පැමිණි මන්ත්‍රීවරයෙකුට එය නොගැලපෙන බව පාර්ලිමේන්තු සේවකයෙකු දැනුම් දීම නිසා ඔහු ඊයේ (27) සවස ඉන් පිටව ගියේය.
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා මෙසේ සභාවෙන් ඉවත්ව ගියේ ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු සභා ගර්භය තුලට මන්ත්‍රීවරයෙකු පැමිණිය යුතු ඇදුමට එය නොගැලපිම නිසාවෙනි.
මන්ත්‍රීවරයා තැóලි පාට කුර්තා ෂර්ටයකින් හා කලූ පාට සරමකින් සැරසි සභා ගර්බයට පැමිණ ඔහුගේ අසුනේ අසුන් ගත්තේය. එම අවස්ථාවේ සභාවේ සිටි පාර්ලිමේන්තු සේවක මහතා විසින් මන්ත්‍රීවරයා අසලට ගොස් එය නොගැලපෙන බව කියනු දක්නට ලැබිනි.
මුල් අවස්ථාවේ මන්ත්‍රීවරයා එය ගණන් නොගත්තද නැවත වරක් සේවකයා ඒ බව දැනුම් දිමෙන් පසු මන්ත්‍රීවරයා සභා ගැබෙන් පිටව ගියේය.
ධිවර හා ජලජ සම්පත් සංවර්ධන පනත යටතේ නියෝග විවාදය එම අවස්ථාවේ පැවැත් වෙමින් තිබුනි.

t

o

p