සී. එස්. එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවයි

October 30, 2016

සී. එස්. එන් නාලිකාව හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් ආයතනයේ විද්‍ය{ත් මාධ්‍ය විකාශන බලපත්‍රය අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය කිසිසේත්ම යළි අක්‍රිය නොකරන බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ප්‍රකාශ කළේය.
මෙම නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවිම නිත්‍යානුකඣලව කර ඇති බව කී ඇමතිවරයා රූපවාහිනි විකාශන බලපත්‍රයේ කොන්දේසි කඩ කිරිම නිසා බලපත්‍රය අත්හිටවූ බවද කීවේය.
රජයේ එම ක්‍රියාදාමය පරිපාලන කටයුතු පිළිබඳ නියෝගයක් මිස ජනමාධ්‍යවේදයට පදනම් වූ නියෝගයක් නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
රූපවාහිනි විකාශන බලපත්‍ර කොන්දේසි අනුව මාධ්‍ය ආයතනයක නම හා ලිපිනය වෙනස් කළ නොහැකි අතර එවැන්නක් කරන්නේ නම් ඒ පිළිබඳව ජනමාධ්‍ය අමැත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ යුතුව ඇති බව ද සඳහන් කළේය.
සි.එස්.එන් නාලිකාව 260/12 ටොරින්ටන් මාවත, කොළඹයන ලිපිනය 263/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තරමුල්ල යන ලිපිනය ලෙස පසුව වෙනස් කර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරව බව කී ඇමතිවරයා නිල බලපත්‍රලාභියා ආයතනයේ අභ්‍යන්තර විගණන ගිණුම් වාර්තා ද අමාත්‍යාංශයට ඉදිරිපත් කර නැති බවත් ඇමතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. සි.එස්.එන් නාලිකාවේ බලපත්‍රය අහෝසි කිරිම ජනමාධ්‍ය නිදහස නැති කිරිමක් බව කීවේය.
මෙහිදි මුදල් ඇමති රවි කරුණානායක මහතා කීවේ සි.එස්.එන් නාලිකාව රුපියල් මිලියන 1000 කට අධික බදු මුදලක් ගෙවිම් පැහැර හැර ඇති බවයි.

t

o

p