රවිගේ ෆේස් බුක් ගිණුම අක්‍රිය කළ පුද්ගලයා අත්අඩංගුවට

October 20, 2016

මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ නිල ෆේස් බුක් ගිණුමට ඇතුළු වී එම ගිණුම අක්‍රිය කළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 27 දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹඅතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඊයේ (20) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ සාගර දියගම නැමැති අයෙකි.
මුදල් ඇමතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමට ඇතුළුවී එය අක්‍රිය කිරිම සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා රහස් පොලිසියට හා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත පැමිණිලි කර තිබු අතර ඒ අනුව අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට රහස් පොලිසිය සමත් විය.
ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධානාගාර ගත කෙරුනි.

t

o

p