2017 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම 2016ට වඩා රුපියල් කෝටි හැත්තෑ හය දහසකින් අඩු කරයි

October 20, 2016

රජයේ ලබන වසරේ (2017) සමස්ත වියදම 2016 වසරට වඩා රුපියල් කෝටි හැත්තෑ හය දහසකින් අඩු කළ වියදම් ඇස්තමේන්තුව සහිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළේය.
මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන 2017 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් කෝටි එක්ලක්ෂ අසු එක්ලක්ෂ අසු එක් දහස් නවසියයක්වේ.
2016 විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ දී ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් කෝටි දෙලක්ෂ පනස් හත් දහස් නවසියයකි.
ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය මේ වසරට වඩා ලබන වසරේ රුපියල් කෝටි හාරසියයකින් ඉහළ ගොස් තිබේ. 2017 විසර්ජන පනතට අනුව ලබන වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් හයසිය හතලිස් පන් කෝටි විසි හය ලක්ෂයක් වේ. එය මේ වසරේ රුපියල් දෙසිය තිස් නව කෝට විසි ලක්ෂයකි.
අගමැති වැය ශිර්ෂය වෙනුවෙන් ද මෙම වසරට වඩා ලබන වසර සඳහා රුපියල් කෝටි හැත්තෑ හතක් වැඩි යෙන් මුදල් වෙන් කර ඇත.
අගමැතිවරයාට ලබන වසර සඳහා රුපියල් එකසිය විසිපන් කෝටි පනස් දෙලක්ෂයක් වෙන් කර තිබේ. මේ වසර වෙනුවෙන් අගමැතිවරයාට වෙන් කර තිබුනේ රුපියල් කෝටි හතලිස් අටකි. 2017 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාතයාංශය වෙනුවෙනි. එය රුපියල් කෝටි විසි අටදහස් හාරසිය හතරකි.
එය මෙම වසරට වඩා රුපියල් කෝටි දෙදහස් දෙසිය හැට එකක වැඩිවිමකි.
දෙවනුව වැඩිම මුදලක් ලබන වසර සඳහා වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටය. එය රුපියල් කෝටි විසි හතරදහස් දෙසියඅසුවකි. ඉන් පසු වැඩිම මුදල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙන් කර ඇත. එය රුපියල් කෝටි විසි එක් දහස් හාරසිය ෙදාළහකි.
සෙසු අමාත්‍යාංශවලට සාපේක්ෂව 2017 වසර සඳහා අඩුම මුදලක් වෙන් කර ඇත්තේ ආචාර්ය සරත් අමුණුගම මහා ඇමතිධූරය දරණ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයටය. එය රුපියල් එකොළොස් කෝටි අසු දෙලක්ෂයකි.
ලබන වසර වෙනුවෙන් ප්‍රධාන පෙළේ අමාතයාංශ කිහිපයකට වෙන් කර ඇති මුදල් මෙසේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි දහසය දහස් පන්සිය විස්සකි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් එක් දහස් දෙසිය පනස් හතරකි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දහසය දහස් අනු හතකි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට පන් දහස් එකසිය විසි නව කෝටි අනුලක්ෂයකි.
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් කෝටි දහසය දහස් තුන්සිය හතලිහකි. කෘෂිකර්ම අමාතයාංශය සඳහා රුපියල් කෝටි දෙදහස් එකසිය තිස් නවයකි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් දෙසිය හැට නව කෝටි අසුහය ලක්ෂයක් වෙන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි හත් දහස් හයසිය අනුහතරක් වෙන් කර ඇත. නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයට රුපියල් කෝටි තුන්සිය විසි හයක් වෙන් කර ඇත.
ක්‍රිඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි හාරසිය හතලිස් අටක් වෙන් කර තිබේ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එක්දහස් පන්සිය අසුවක් ද, අභ්‍යන්තර කටයුතු වයඹසංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාතයාංශයට රුපියල් කෝටි හත්සිය අනු දෙකක්ද, නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හයදහස් අටසිය තිස් නවයක්ද ලබන වසර සඳහා වෙන් කර ඇත.
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි නවසිය පනස් නවයකි.
2017 වසර සඳහා රජයේ සමස්ථ පුනරාවර්ථන හා ප්‍රාග්ධන සඳහා මෙම මුදල් වෙන් කර ඇත. මෙම සමස්ථ වියදම පියවා ගන්නා අන්දම මුදල් අමාත්‍යවරයා විසින් ලබන 10 දින අය වැය යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතය.

t

o

p