ඉංජිනේරුවරුන්ගේ පනත් කෙටුම්පතේ වගන්ති තුනක් සදහා ජනමත විචාරණයක්

October 20, 2016

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පතේ වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බවත් එව තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.
එසේම එම පනත් කෙටුම්පතේ තවත් වගන්ති දෙකකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.
එම වගන්ති සංශෝධනය කළහොත් ඒවායේ අනනුකඣලතාවයන් ඉවත් වන බවද ශේ්‍රෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයිද කතානායකවරයා කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව අනුව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  ර්‍ණ ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව ර්‍ණ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ම වෙත ලැබි ඇති බව දැන්වීමට කැමැත්තෙමි.
*  සභාවෙහි ඉංජිනේරු කාර්මිකයින් නම් කිරිම 3 (ආ) වගන්තිය යටතේ මගහැරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන ව්‍යවස්ථාවට අනනුකඣල වන බව ද,
* 41 වගන්තියේ සඳහන් පරිදි ඉංජිනේරු වෘත්තියේ සියලූ කාණ්ඩවල සාධාරණ නියෝජනයක් නම් කිරිමට අසමත් විම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) යන ව්‍යවස්ථාවලට අනනුකඣල වන බවද,
* 3(ආ), 4(1), 4(2), 4(3), 4(4), 4(6), 5(1), 5(2), 8(2), 8(3), 8(4)(අ), 8(4)(ආ), 8(5), 8(6), 11, 16(6), 20(1), 20(3), 21(1), 21(8), 29, 30(1), 30(2), 31(1), 31(2), 34(1), 34(2), 38(1), 38(2), 38(3)ඣ සහ 38(4) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 43(1) සහ 43(3) යන ව්‍යවස්ථාවලට අනනුකඣල වන බවද, එකී වගන්ති දැනට පවතින ආකාරයෙන්ම සම්මත කිරිම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ විශේෂ බහුතර ඡන්දයකින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කිරිම අවශ්‍ය වන බව ද,
* 9(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකඣල වන බවද සහ,
* මෙම පනත යටතේ ලියාපදිංචි වන විවිධ ඉංජිනේරු වාත්තිකයන්ගේ කාර්යභාරය, වගකිම් හා ප්‍රවිණත්වය නිර්ණය කිරිමට අවශ්‍ය මාර්ග නිර්දේශ 39(2) (ඉ) වගන්තියේ, ඇතුළත් නොවන බව ද එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ද,
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
තවදුරටත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වන පරිදි එකී වගන්ති සංශෝධනය කළහොත් ඒවායේ අනනුකඣලතාවයන් ඉවත්වනු ඇති බවයි.

t

o

p