ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි

October 18, 2016

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම අද (18) ආරම්භ කළේය.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා අදාළ පෙත්සමට අත්සන් තැබෙන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වහාම අත්හිටුවන ලෙසත් ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් ඔවුන් අදාළ පෙත්සම මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් බලහත්කාරයෙන් පවරා ගනු ලැබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය සතුව තිබූ සේවක අර්ථසාධක ගිණුම නැවත කම්කරු අමාත්‍යාංශයෙන් ප්‍රධාන කාර්යාලයට පවරා දෙන ලෙස ද ඔවුන් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

අද සිට දිවයින පුරා සෑම ඩිපෝවක්ම ආවරණය වන පරිදි මෙම පෙත්සමට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ අත්සන් ලබාගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.

t

o

p