සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයට ජර්මානු රජයේ පූර්ණ සහාය

October 17, 2016

යහපාලන රජය තුළ ශ්‍රී ලංකාව, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරණ උත්සාහයට ජර්මානු රජයේ පූර්ණ සහාය පළකරන බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Juergen Morhard  මහතා ප්‍රකාශ කරයි.

ජර්මානු තානාපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය (14) දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, හමුවූ අවස්ථාවේදීය.  මෙම හමුව, මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ජර්මානු ඉහළ පෙළ ව්‍යාපාරිකයින්, අපේක්ෂාවෙන් සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් හා, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහාය, ලබාදීම  ඉතා වැදගත් බවත් තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී කියා සිටියේ ජර්මානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, දක්වන අවධානය ඉතා වැදගත් බවයි.  ලොව ප්‍රධාන පෙළේ රටවල්
ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට දැනටමත්, කැමැත්ත පළකර ඇති බවත් ජර්මානු රජයේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා අත්‍යවශ්‍ය බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ජර්මානු රජයෙන් ලැබෙන සහාය පිළිබඳව ද රවී කරුණානායක මහතා ජර්මානු රජයට ප්‍රසාදය පළකර සිටියේය.

 

t

o

p