ජනපති අද ඉන්දියාවට

October 15, 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයෙහි පැවැත්වෙන බ්‍රික්ස් (Brics) සමුළුවට සහභාගීවීම සඳහාය.

මැදි ආදායම් ලබන රටවල් ලෙස සැලකෙන බ්‍රසීලය, රුසියාව, චීනය සහ දකුණු අමෙරිකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට නිරීක්ෂණ මට්ටමින් සහභාගී වන ලෙස ඉන්දීය රජය බ්‍රික්ස්ටෙක් සමුළුවේ රටවලට ද ආරාධනා කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගී වෙයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග නිල සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය

t

o

p