දේශපාලකයන් හා නිලධාරින් හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම

October 14, 2016

දේශපාලකයන් හා නිලධාරින් පසුගිය මාස 16 තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 20 කට වඩා වැය කර ඇති බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි විය.

විශේෂයෙන්ම වසර 1 1/2 ට ආසන්න කාලයක් තුළ රජයේ මැති ඇමතිවරුන් හා නිලධාරින් මෙසේ හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම කුමන කාර්යයක් සඳහා දැයි විමසා බැලිම අත්‍යාවශ්‍යය.

එයට හේතුව නම් මෙහි බර ජනතාව පිට පැටවෙන හෙයිනි. අත්‍යාවශ්‍යය නොවන ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම ජාතික කර්තව්‍යයක කටයුත්තක් නොවේ. පසුගිය ආණ්ඩු කාලයේ ද දැඩි විවේචනයට ලක් වූ කරුණක් වූයේ හෙලිකොප්ටර් යානා අධික ලෙස පාවිච්චි කිරිම සම්බන්ධයෙනි.

රජයේ මුදල් නාස්තිකාර ලෙස යොදවා ගැනිම පිළිබඳව චෝදනා එල්ල කරමින් එම කටයුත්තට නැවත නැවත සිදු කිරිම ජනතා බලාපොරොත්තුවක් නොවේ.

ජාතික කර්තව්‍යයන් හා ගමන් බිමන් සඳහා ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිමට ව්‍යවස්ථාමය අයිතියක් තිබේ. එහෙත් මැති ඇමතිවරුන් හා නිලධාරින් ගුවන් යානා හෝ හෙලිකොප්ටර් යානා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ගුවන් හමුදාවට නියමිත මුදල් ගෙවිය යුතුය.

මුදල් ගෙවු පමණින් යානා පාවිච්චි කිරිම සාධාරණිකරණය කළ නොහැක. එයට හේතුව නම් එම ගෙවනු ලබන මුදල් මහජන මුදල් වීමය. විශේෂයෙන්ම සමහර අවස්ථාවල රාජකාරි බව පෙන්වමින් පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා යොදවා ගැනිම සාධාරණිකරණය කරන්නට උත්සාහ කළ හැක. එය මහජන මුදල් විනාශ කිරිමකි.

මේ හේතුව නිසා මැති ඇමතිවරුන් හා නිලධාරින් හෙලිකොප්ටර් යානා හෝ ගුවන් යානා යම් නිල කටයුත්තක් සඳහා ඉල්ලූම් කරන්නේ නම් එම කාර්යය ජාතික වශයෙන් වැදගත්දැයි විමර්ශනය කිරිමේ වැඩපිළිවෙලක් තිබිය යුතුය.

සමහර අවස්ථාවල විවාහ මංගල උත්සවවලට සහභාගීවිම සඳහා පවා හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිමට සමහර දේශපාලඥයෝ ක්‍රියාකර ඇති අන්දම සුදුසු නොවේ. සමහර අවස්ථාවල තම නිල රථයෙන් එම උත්සවවලට සහභාගීවිමට අවකාශ තිබියදී කාලය ඉතුරු කරගැනිමට යැයි පවසමින් හෙලිකොප්ටර් යානා යොදා ගත් අවස්ථා එමටය.

තවත් අවස්ථාවල ප්‍රභු පවුල්වල සාමාජිකයන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරිමට හෙලිකොප්ටර් යානා යොදා ගන්නා බව වාර්තවේ. මේ සියලූ කරුණු සළකා බලන විට තවමත් සිදු වන්නේ පෙර කී වැරදිම දැයි ජනතාව ප්‍රශ්න කරති. මේ නිසාම රාජ්‍ය මුදල් හා දේපල පරිහරණය සීමාන්තිකව සහ ප්‍රවේශමෙන් සිදුකළ යුතු බවට දේශපාලකයන් හා නිලධාරින් තේරුම් ගත යුතුය.

පාර්ලිමේන්තුවේදි හෙළි වූ පරිදි 2015 ජනවාරි මස 10 වන දින සිට 2016 අප්‍රේල් 30 දක්වා කාලය තුල ගුවන් ගමන් වාර 352 ක් මෙලෙස යොදා ගෙන ඇති බව පැහැදිලිය. මුදල් නොගෙවා සමහර දේශපාලකයන් ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා පාවිච්චි කරන ඇති බවද මෙහිදි හෙළි වී ඇත.

මෙහිලා සඳහන් කළ යුතු තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මැති ඇමතිවරුන් හා නිලධාරින්ගේ විදේශ ගමන් හා සංචාරයන් ය. මීට සති කිහිපයකට ප්‍රථම මාධ්‍ය වාර්තා කර තිබු පරිදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 25 දෙනෙකු එකවර විදේශගත වී ඇති අතර බොහෝ ඒවා රාජකාරි ගමන් බවට වාර්තා කර තිබේ.

රාජකාරි ගමන් බිමන් සඳහා රාජ්‍ය මුදල් යොදවන බැවින් එයින් රටට සිදුවන වාසි අවාසි පිළිබඳව විමසිලිමත් විම වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ විදේශ සංචාර සඳහා රැගෙන යන පිරිස් පිළිබඳව ද මහජන විවේචනයක් තිබේ.

එක්සත් ජාතින්ගේ මහ සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේ 70 කට අධික නියෝජිත පිරිසක් එයට එක් වී සිටි බව දැනගන්නට ලැබී ඇත. එය සත්‍යයක් නම් කර ඇත්තේ වරදකි. එයට හේතුව මේ සියලූ කාර්යයන් සඳහා වැය වන්නේ මහජන මුදල්ය.
එමෙන්ම පසුගිය කාලයේ මහජන මුදල් නාස්තිය පිළිබඳව එල්ල කරන චෝදනාව යළිත් එල්ල නොවිමේ වගකිම ඉටු කිරිමට වත්මන් ආණ්ඩුව වගබලා ගත යුතුය.

තිස්ස අත්තනායක

t

o

p