අපිට ආණ්ඩුව ගන්න තදියමක් නෑ

October 13, 2016

යහපාලන ආණ්ඩුවේ සිටින හොරු දසදෙනෙකුගේ ගැන තොරතුරු හෙළි කරන්නම් යැයිද එහෙත් ඔවුන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ක්‍රියාත්මක වේදැයි සැකයක් ඇති බවද පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙනයාම ගැන ජනපති අප්‍රසාදය පළ කළ බවත්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ආයතන ඇත්තේ අගමැතිවරයා යටතේ බවත්, එසේ නම් ජනපති අප්‍රසාදය පළ කර ඇත්තේ අගමැති යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන්ට බවත්, ඒ මහතා කියයි.

විශේෂයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අගමැතිගේ මිතුරියක් බවත්, ඒ අනූව හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙනයාම ගැන අගමැතිවරයා ප්‍රකාශයක් කළ යුතු බවත්, ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව ගැනීමට තදියමක් නැති බවත්,
අවුරුදු 17ක් රටපාලනයෙන් පසු මේ ගෙවමින් සිටින්නේ අන්තර්කාලයක් බවත්, රටේ ආර්ථිකය නැංවීමට මේ ආණ්ඩුවට හැකියාවක් නැති බවත්, හෙතෙම කීවේය.

මහනුවර අධිවේගී මාර්ගය තැනීමට ටෙන්ඩර් කැඳවීමේදී බැඳුම්කර චෝදනා එල්ල වූ හිටපු මහබැංකු අධිපතිගේ බෑනාගේ සමාගම ද ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇති බවද ඒ  මහතා කියා සිටියේය.

යහපාලන ආණ්ඩුවට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බවත්,‍ වෙළඳ දැන්වීම්වලට දරුවන් යොදාගනිමින් බදු ගෙවන්නැයි කියමින් හිඟාකන බවත්, එම මාධ්‍ය‍ හමුව ඇමතු මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

t

o

p