ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මරුට

October 12, 2016

2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදි එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ඝාතනයයට ලක්වී තිබේ.

ඒ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදිය.

ඇෆ්ගන් හමුදාව සහ නේටෝ හමුදාව එක්ව පසුගිය 08 වනදා මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ පක්ටිකා ප‍්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමිනි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන සිටියේ ක්වාරි අජ්මාල් නමැත්තෙකි.

පසුගියදා සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදී ඔහුට අමතරව තවත් ත‍්‍රස්තවාදීන් 03දෙනෙකු ඝාතනය කර තිබේ.

ඒ අතරින් ක්වාරි අජ්මාල් පන්ජාබ් නුවර ජීවත් වන්නෙකු බවත්, ලාෂ්කාර් ඊ ජාන්ග් වී ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු බවත් හෙළිවී ඇත.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම රැගත් බස් රථයට 10 දෙනෙකුගෙන් සමන්විත ත‍්‍රස්ත කණ්ඩායමක් ප‍්‍රහාරයක් එල්ල කළේ 2009 වසරේ මාර්තු මස 03 වැනිදාය.

ඒ, පාකිස්ථානයේ ගඩාෆි කී‍්‍රඩාංගණය ආසන්නයේදීය.

එහිදී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, චමන්ද වාස්, තිලාන් සමරවිර, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල් හා තරංග පරණවිතාන යන ක්‍රිකට් ක්‍රීඩකයින් තුවාල ලැබීය.

t

o

p