හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 100ක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුමක

October 12, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් 100 දෙනෙකු සමඟ ගිවිසුම්ගතවීමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස යොවුන් නැගී එන සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් වර්ගීකරණය කොට ක්‍රීඩකයින් 65දෙනෙකු සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිතය.

ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී එම ක්‍රීඩකයින් 65දෙනොගේ නාම ලේඛනය එළිදැක්වූ අතර, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සභාපති තිලංග සුමතිපාල මහතා කියාසිටියේ වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන වයස අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයින් කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකර මෙවර ගිවිසුම් සකස් කිරීම කළ බවයි.

ඒ අනුව එසේ තොරාගත් 30ට වැඩි දේශීය තරඟ බිමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 17 දෙනොට නොවැම්බර් මස සිට අප්‍රේල් මාසය දක්වා මාස 06ක කාලයක් තුළ විශේෂ දීමනාවක් ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

කෙසේවෙතත් ජාතික කණ්ඩායමට ඇතුළත් නොවන මෙම ගිවිසුම්ගත ක්‍රීඩකයන් 65දෙනාට යොවුන් ක්‍රීඩකයන් 24ක් හා නැගී එන ක්‍රීඩකයන් 24ක් ඇතුළත් කොට ඇත.

තවද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා කියාසිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හඳුන්වාදීමට බලාපොරොත්තු වූ තල 02ක ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ක්‍රමය තමන් ප්‍රමඛ ආසියානු කලාපයේ රටවල සහයෝගය ඇතිව පරාජය කළ බවයි.

ඒ පිළිබඳ අවසාන තීරණය මේ දිනවල පැවැත්වෙන ICC විධායක කමිටු රැස්වීම්වලදී ගනු ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p