නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි

October 12, 2016

නව ව්‍යවස්ථාව ගෙන එන්නේ සියළුම පක්ෂවල සාමාජිකයින්ගේ එකඟතාවයෙන් බවත් ඒකාබද්ද විපක්ෂයේ සමහර අය නූපන් දරුවෙකුට හදහන් ලියන්නාක් මෙන් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) අඹේවෙල හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ නව ව්‍යවස්ථාව පිළිබඳව ඕනෑම අයෙකුට අදහස් ඉදිරිපත් කළ හැකි බවත් ඒ සියල්ලන්ටම එකඟවිය හැකි, පිළිගත හැකි ඒකීය රටක් යටතේ බලය බෙදීමේ යෝජනාවකට යාමට නව ව්‍යවස්ථා සංශෝධනයෙන් කටයුතු කරන බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙමළ ජනතාව ද මේ වනවිට ඒකීය රටක් යටතේ බලය බෙදීමට කැමැත්තක් දක්වනවා මිස එක් එක් පුද්ගලයින්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීමට කැමැත්තක් නොදක්වන බවයි.

t

o

p