ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මරුට

October 9, 2016

ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මිය ‍ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය පවුලේ සාමාජිකයින් සමඟ විනෝද චාරිකාවකට සහභාගිවී සිටි අවස්ථාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දැරියන් දෙදෙනා මෙම අනතුරට ලක්වී ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී එක් දැරියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඇයගේ පය ලිස්සා ගොස් ඇති අතර අනෙක් දැරිය ඇය බේරා ගැනීමට උත්සාහ දැරීමේ දී දෙදෙනාම ගැඹුරු දියට ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වුවත් දියේ ගිලුණු දැරියන් දෙදෙනා බේරාගෙන රෝහල්ගත කළද ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඕමානයේ ඉන්දීය පාසලක සහ එරට පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකි.

t

o

p