එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි රිය අනතුරක

October 8, 2016

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද (08) අලුයමදී රිය අනතුරකට ලක් ව තිබෙනවා.

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අලුයම 2.30 ට පමණ මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්  ගමන් ගත් රථය මෙසේ අනතුරට මුහුණ දී ඇති අතර අනතුර සිදුවන මොහොතේ රථයේ ඔහුගේ පුතා සහ දියණියද සිට තිබෙනවා. පිරිස තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.LNP Accident MP

t

o

p