2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් 20

October 6, 2016

රජයේ ලබන වසරේ වියදම් ඇස්තමේන්තුව හෙවත් 2017 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පක්ෂ නායක රැස්වීමේදි තීරණය කර ඇත.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි පක්ෂ නායක රැස්විම ඊයේ (0() රැස්වූ අවස්ථාවේදි මෙම තිරණය ගත්තේය.
මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් අය වැය ලේඛනය නොවැම්බර් මස 10 දා පාර්ලිමේන්තුවට ඉරිපත් කිරිමට නියමිත අතර අය වැය තෙවනවර කියවිමේ ඡන්ද විමසිම දෙසැම්බර් මස 10 දා පැවැත්විමට ද මෙහිදි තිරණය වි ඇත.
නව ශබ්ද විකාශන පද්ධතියක් පාර්ලිමේන්තුවට සවි කිරිම සඳහා ඔක්තෝම්බර් මස තෙවෙනි සතියේ පාර්ලිමේන්තුව ඔක්තෝම්බර් මස 20 දා පමණක් රැස්විමටද මෙහිදි එකගතාවයට පැමිණ තිබේ.
තෙවෙනි සතියේ පාර්ලිමේන්තු රැස්විම් හතරවෙනි සතියට කල් දමා එය ඔක්තෝම්බර් මස 25,26,27 හා 28 යන දිනවලදී පැවැත්විමට ද තිරණය කර ඇත.

t

o

p