නියඟය නිසා දිස්ත්‍රික්ක 20 ක පවුල් 118534 පීඩාවට පත්වෙලා

October 6, 2016

රටේ මේ වන විට පවතින නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 ක පවුල් 118534 ක පුද්ගලයින් 453851 ක් පානීය ජල හිගයෙන් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය.
එම ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කුලී පදනම මත ජල බවුසර් ලබා ගැනිමටත් ඒ වෙනුවෙන් රියදුරන් නොමැති නම් ඒ වෙනුවෙන් වෙනත් ආයතනවලින් ලබා ගන්නා රියදුරන් සහ රිය සහායකයන් සඳහා දීමනා ගෙවිමටත් අවශ්‍ය අනුමැතිය මෙන්ම ප්‍රතිපාදනද දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
දැනට දිස්ත්‍රික්ක 16 ක් සඳහා රුපියල් 18108033 ක මුදලක් ලබා දී ඇති බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව ලීටර් 1000 සහ ලීටර් 500 ජල ටැංකි 1080 ක් මිලදී ගෙන පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, පුත්තලම, මාතලේ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කවලට බෙදා හැර ඇතැයිද ඔහු කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවය.

t

o

p