වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබිමට පෙර යළිත් ඉදිරිපත් කර ඇතිද නැතිද ?

October 4, 2016

එකතු කළ අගය මත බදු (සංශෝධන) හෙවත් වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබිමට පෙර යළිත් ඉදිරිපත් කර ඇතිද නැතිද යන කාරණය පිළිබඳ දැන ගැනිම සඳහා පනත් කෙටුම්පත ගැසට් කිරිම පිළිබඳව නිතිපතිවරයා සහ මුද්‍රණාලයාධිපතිවරයා නිකුත් කළ ලිපි අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (04) මුදල් රාජ්‍ය ඇමතිවරයාට දැනුම් දුන්නේය.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගැසට් කිරිම සම්බන්ධයෙන් විරෝධය පළ කළ බැවින් අවශ්‍ය නම් ඊට අදාළව අධිකරණය හමුවට යන ලෙසද කතානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැට් බදු පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ විට නැගී සිටි බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
මීට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කර තිබෙන්නේ සැප්තැම්බර් 09 දායි. ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ 13 දායි. කැබිනට් මණ්ඩලය මේ පනත අනුමත කර තිබෙන්නේ සැප්තැම්බර් 12 දායි. කැබිනට් මණ්ඩලය අනුමත කරන්න කලින් රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ගැසට් පත්‍රය මුද්‍රණය කර තිබෙනවා.
පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දි ගැසට් කළ හා නිකුත් කළ දිනය එකම දිනයක් වෙන්න ඕනා. නමුත් මේ ගැසට් පත්‍රයට දින දෙකක් සඳහන් වෙනවා. කැබිනට් අනුමැතිය නැතිවයි මෙය ගැසට් කර තිබෙන්නේ.
මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – කැබිනට් මණ්ඩලය 12 දා රැස්වුණා. මෙය මුද්‍රණය කරන්නේ සිකුරාදා දිනයේයි. නිතිපතිවරයා සහ මුද්‍රණාලයාධිපතිවරයා මේ පිළිබඳ ලිපි දෙකක් ලබා දී තිබෙනවා. ඒ ලිපි සභාගත කරන්නම්. ගැටලූවක් ඇතිනම් අධිකරණයට යන්න.
කතානායක – ඔව් අධිකරණයට යන්න පුළුවන්.
විමල් විරවංශ මහතා – පනතක් නැතුව මීට කලින් වැට් එක දැම්මා. අපි උසාවි ගිය පසු එය ආපසු කැදෙව්වා. ඉන්පසු යළි පනත ඉදිරිපත් කළා. එය ශුණ්‍ය පනතක් බව අධිකරණය කිව්වා. අධිකරණය පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත්විම වරදක් බව එදා අගමැතිවරයා කිව්වා.
මුදල් රාජ්‍ය ඇමති – අපි ලිපි දෙක ඉදිරිපත් කරන්නම්
කතානායක – හෙට ඒ ලිපි ඉදිරිපත් කරන්න
බන්දුල ගුණවර්ධන මහතා – ඇයි මුදල් ඇමතිවරයා ඇවිත් උත්තර නොදෙන්නේ.
විමල් වීරවංශ මහතා – අය වැයට මාසයක් තිබියදී ඇයි අයවැය සමඟ මෙය ගෙන එන්නේ නැත්තේ.
කතානායක – එය රජයේ තීරණයක්
විමල් විරවංශ මහතා – ඒක අමන තකතීරු තීරණයක්.
වාසුදේව නානයක්කාර මහතා – ගැසට් පත්‍රයේ දින දෙකක්. මේ නිසා මෙහි වලංගුතාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා.
විදේශ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහා – කැබිනට් මණ්ඩලය සම්මත කළා නම් පාර්ලිමේන්තුවට ගෙන එන්න පුළුවන්.
චන්ද්‍රසිරි ගජධිර මහතා – මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම දෝෂ සහිතයි.
දිනේෂ් ගුණවර්ධන මහතා – මේක වලංගු නැති පනතක්

t

o

p