මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් ආපු හැටි හොයයි

October 4, 2016

කොළඹඅධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තිබිය යුතු රගර් ක්‍රිඩක වසිම් තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) තබා ගැනිම සම්බන්ධයෙන් වෛද්‍ය සභාව පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කළ පරික්ෂණයේ වාර්තාව ලද පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගන්නා බවත් එතෙක් ඇමතිවරයා ලෙස තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. කොළඹඅධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තිබිය යුතු වසිම් තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ තිබි සොයා ගෙන රහස් පොලිසිය විසින් සොයා ගැනිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ආයතනය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ශරිර කොටස් තබා ගැනිම එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බව ප්‍රකාශ කළ ඇමතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තාව ලද පසු අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

t

o

p