නීති විරෝධීව මසුන් මැරූ 6ක් දැලේ

October 3, 2016

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම, මුහුදු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත්  ඩිංගි යාත්‍රා 02ක් සහ තහනම් දැල් 10ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී ඇති බව නාවික හමුදාව පැවසුවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p