16 වැනි LSR Colombo Marathon හෙටයි

October 1, 2016

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාර්ෂික ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟය වන LSR Colombo Marathon තරඟාවලිය 16 වැනි වරටත් හෙට (02) දිනයේදී පැවැත්වේ.

මෙවර තරඟය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කර බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල සහ හැමිල්ටන් ඇළ මාර්ගය අසල ඇති මුතුරාජවෙල වගුරු බිමේ සුන්දරත්වය අත්විඳිමින් පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව හරහා මීගමුව වෙරළ ආසන්නයට ළඟාවීමට නියමිතය.

ගෝලීය දිගු දුර ධාවන තරඟ අතර ප්‍රධාන තරඟාවලියක් වන LSR Colombo Marathon තරඟය ලෝකය පුරා ඇති ධාවන තරඟ 110ක් අතුරින් 56 වැනි තරඟ සංවිධානය බවට පත්ව තිබේ.

මේ වසරේදී විවිධ වයස් මට්ටම්හි තරඟකරුවන් 7,500කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරයි.

මේ සඳහා ලියාපදිංචි වීම අද (01) පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා සිදුකෙරේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p