මා නිවැරදියි

September 30, 2016

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(30) විභාගයට ගෙන තිබේ.

කෙසේවෙතත් අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

නඩු විභාගය නොවැම්බර් මස 25 වන දින පැවැත්වීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එදිනට සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p