කොලොම්බියාවට සාමයේ අරුණලු

September 29, 2016

වසර 52ක සිවිල් යුද්ධය නිමාවට පත් කරමින්, කොලොම්බියානු රජය සහ ෆාර්ක් කැරැලි කරුවන් අතර ඓතිහාසික සාම ගිවිසුම විවිධ රටවලින් පැමිණි රාජ්‍යතානත්‍රිකයන් හා අතිවිශාල ජන සහභාගීත්වයකින් යුතුව කොලොම්බියාවේ කැටලිනා හි සම්මන්ත්‍රණ ශාලවේදි දෙපාර්ශ්වයේ නායකයන් විසින් අත්සන් තැබිණ. මෙහිදී ෆාර්ක් නායක ටිමොචෙන්කො ලෙසින් හඳුනන ටිමොලියන් ජිමෙනෙස් යුද්ධය නිසා පීඩාවට පත් සියලු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. යුද සමය තුළ විඳි සියලු වේදනාවන් වෙනුවෙන් සියලුදොනාගෙන් සමාව ඉල්ලන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

වසර හතරක් තිස්සේ පැවැති සාම සාකච්ඡා වට ගණනාවකින් පසුව දෙපාර්ශ්වය මෙම සාම සම්මුතියට එළැඹ තිබේ.

1964 වසරේ දී අවි අතැති කොමියුනිස්ට් පක්ෂයක් ලෙස ගොවි ජනතාවගේ නැගී සිටීමක් ලෙස ඇරඹි ‍ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ ගමන සාමකාමි දේශපාලනයට අවතීර්ණ වෙමින් අවි අත් හරින බවත්, සංහිඳියාවේ නව යුගයකට සහ සාමය ගොඩ නැගීමට නැවත උපන් බවත් ෆාර්ක් සංවිධානය වෙනුවෙන් ඔහු සඳහන් කළේය. ලෝකයේ එක් යුද්ධයක් නිම වීමේ ප්‍රීතිය කොලොම්බියාව මෙන්ම පෘථිවි ග්‍රහයා ද සමරන බව ජනාධිපති ජුආන් මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශ කළේය.

සාම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සාමය සංකේතවත් කරමින් සියලු දෙනාම සුදු ඇඳුමින් සැරසී පැමිණ සිටීම කැපී පෙනුණි. මිලියන හයක පමණ ජනතාව අවතැන් කළ මේ යුද්ධය අවසන් වූයේ 260,000 කගේ ජීවිත අහිමි වීමෙන් පසුවය.

ජනාධිපතිවරයා සහ ටිමොචිනන්කෝ වෙඩි උණ්ඩයකින් සාදන ලද පෑනක් මේ සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා යොදා ගනු දක්නට ලැබුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p