අගමැති එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමුළුවට ගිය එජාප මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ඉල්ලයි

September 24, 2016

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සමුළුවේ 71 වෙනි සැසිවාරය නිමිති කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභානායක කාර්යාලය වෙත නියෝග කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉහත ලේඛනය සභානයක කාර්යාලය විසින් සකස් කර ලබාදීමට නියමිතය.
ගයන්ත කරුණාතිලක, විජේපාල හෙට්ටිආරච්චි, අජිත් පි පෙරේරා, නාලක කොලොන්නේ යන අය සම්බන්ධයෙන් මෙම වාර්තාව ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු කටයුතු පැවැත්වෙන සතියකදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වෙනි මහ මණ්ඩල රැස්වීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ වාර්තාවක්ද භාර දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයටද මේ වන විට දැනුම් දී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයේ යෙදුනු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නිසි අවසරය ගත් ආකාරය ගැන ද සභානායක කාර්යාලය ලබා දෙන වාර්තාවේ කරුණු ඇතුළත් කිරිමටද නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p