නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නව ලෝකයට ගැලපෙන උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරනවා

September 21, 2016

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නව ලෝකයට ගැලපෙන පරිදි මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිම රජයේ බලාපොරොත්තුව යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
සමහර උපාධිවලින් රැකියාවක් ලබා ගන්න බැහැ. පෞද්ගලික අංශයේ සේවය කරන ගොඩක් අයට අපේ බොහෝ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබාගෙන එයට ගැලපෙන රැකියාවක් ලබා ගන්න බැහැ. බාහිර උපාධිය සඳහා වැඩිම සිසුන් පිරිසක් ලියාපදිංචි වෙන්නේ කලා උපාධිය සඳහා වන අතර කළමනාකරණ උපාධි පාඨමාලා සඳහා සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් වාර්ෂිකව ලියාපදිංචි කරනු ලබයි.
බාහිර උපාධිය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් ලියාපදිංචි කරනු ලබන්නේ කැළණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්ය. ඒ අනුව 2014 වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 90068 ප්‍රමාණයක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 70073 ලියාපදිංචි වී ඇති බව වාර්තා වී ඇත.
මෙම බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචිය සහ විභාග පැවැත්වීමේ ක්‍රියාවලියට පමණක් විශ්ව විදයාල කටයුතු කරනු ලබයි. ලියාපදිංචි වන සිසුන් අධ්‍යාපනය ලබා ගැනිම සඳහා පෞද්ගලික උපකාරක පන්තිවලට මුදල් ගෙවා ඇතුළත් විය යුතුයි. මෙම උපකාරක පන්ති හුදෙක් මහා පරිමාණයෙන් පවත්වාගෙන යන දේශන ක්‍රියාවලියට පමණක් සීමා වූවකි.
බාහිර උපාධිය හදාරන සිසුන්හට පවතින ශ්‍රම ඉල්ලූම සඳහා අපේකෂිත නිපුණතාවයන්ට අදාල අධ්‍යාපනයක් නොලැබෙන බැවින් සහ එම සිසුන්ට බාහිර කුසලතා අත් කර ගැනීමට අවස්ථා නොමැතිවීම මත පවත්නා රැකියා වෙළෙදපොළ තුල රැකියා ලබා ගැනීම අපහසු කරුණක් වී ඇත.
ශ්‍රම වෙළෙද පොල තුල රැකියා බහුල වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ වෘත්තීන්ට යොමුවිමේ අඩු ප්‍රවණාතයක් ඇති වී ඇත. බාහිර උපාධි සඳහා ලියාපදිංචිවන සිසුන් අපේක්ෂාභංගත්වයට පත්වීම වලක්වා ගැනීම සඳහා විශ්ව විද්‍යාලවලට පහසුකම් සැලසිය හැකි ප්‍රමාණයෙන් බාහිර උපාධි සිසුන් ලියාපදිංචි කර ගන්නා ලෙස දැනට විශ්ව විද්‍යාලවලට උඵදෙස් ලබා දී ඇත.
විවෘත විශ්ව විද්‍යාලය මගින් එවැනි පාඨමාලා මෙහෙයවීමත් මෙයට අමතරව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල විවිධ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන පාඨමාලා සඳහා සිසුන් යොමු කිරිමටත් රජය විධිමත් වැඩපිළිවෙලක් දියත් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p