ලොකු කට්ටියගේ වැටුප් වැඩිවිම සම්මතයි

September 21, 2016

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප හා දිමනා වැඩිකිරිමේ හා ස්වාධින කොමිෂණ සභා නවයක් සභාපතිවරු ඇතුළු සමාජිකයන්ගේ වැටුප් හා දීමන් වැඩි කිරිමේ යෝජනාව පාර්ලිමේන්තුවේදි ඊයේ (21) සභා සම්මත විය.
ඒ අනුව නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයේ රාජකාරි කළ ජනාධිපති නිතිඥ ඒ.ඒ.පි. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත් කිරිමෙන් පසු ඇයට පෞද්ගලික වන සේ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයේ වැටුප හා දිමනා හිමිවනු ඇත.
ඊට අමතරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට හිමි අමාත්‍යාංශ ලේකම් දීමනාව, දුරකතන දීමනාව, ඉන්ධන දීමනාව හා රජයේ නිල නිවාසයක් නොමැති නම් නිවාස කුළි දිමනාව ද හිමි වේ.
ස්වාධින කොමිෂන් සභා නවයේ සභාපතිවරුන්ට (නිල බලයෙන් පත්වන සභාපතිවරුන් හාර) රුපියල් ලක්ෂ්යක මාසික දිමනාවක්ද, රුපියල් දස දහසක දුරකතන දිමනාවක්ද, පුද්ගලික භාවිතයට හිමිකම් සහිත නිල වාහනයක් සහ ඒ සඳහා ඉන්ධන ලීටර් 225 ක් හෝ වෙළෙද පොලේ පවත්නා මිල ගණන් අනුව දිමනාවක්ද පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව ප්‍රකාරව හිමිවනු ඇත.
නිල බලයෙන් පත්වන සභාපතිවරුන්ට නිත්‍ය තනතුරේ වැටුප් හා දිමනාවලට අතිරේකව ස්වාධින කොමිෂන් සභාවන්හි සබාපතිවරයෙකුගේ මාසික දිමනාවෙන් 50% ක දිමනාවක්ද හිමිවේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ හැර අනෙකුත් ස්වාධින කොමිෂන් සභාවල නිල බලයෙන් පත් නොවන සමාජිකයින් සඳහා රුපියල් 75000 ක මාසික දිමනාවක්ද, රුපියල් 8000 ක මාසික දුරකතන දිමනාවක්, තම පදිංචි ස්ථානයේ සිට කොමිෂන් සභා කාර්යාලයට යාමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝ මීටර් 350 දක්වා රුපියල් 25000 ක ප්‍රවාහන දිමනාවක්ද ඊට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් 50000 ක දිමනාවක්ද හිමිවනු ඇත.
නිල බලයෙන් පත්වන සාමාජිකයන් සඳහා එක් රැස්විම් වාරයකට සහභාගී විම වෙනුවෙන් රුපියල් 10000 ක දිමානවක් හිමිවේ.
අල්ලස් කොමිසමේ සභාපතිට සමානව සමාජිකයන්ටද බලතල පැවරි ඇති බැවින් එහි සාමාජිකයන්ට රුපියල් 95000 ක මාසික දිමනාවක්ද, රුපියල් 8000 ක මාසික දුරකතන දිමනාවක්ද, පෞද්ගලික භාවිතයට හිමිකම් සහිත නිල වාහනයක් සහ ඊට ඉන්ධන ලීටර් 170 ක් හෝ වෙළෙද පොල වටිනාකමට අනුරූපව දිමනාවක්ද හිමිවේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සමාජිකයන් වෙත මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වූ කාල සීමාව තුළ ඔවුන්ගේ මාසික දිමනාවෙන් 3/4 ක විශේෂ දිමනාවක්ද මේ අනුව හිමි වනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p