බැංකුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස එහි ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කරන්න – අගමැති

September 20, 2016

බැංකු සම්බන්ධයෙන් කටයුතු කරද්දි මහජන බැංකුවේ කීර්තිනාමයට හානියක් නොවන ලෙස එහි ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
ර්‍ණමහජන බැංකුව ඩිජිටල්කරණය කිරිමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගණුදෙනුවක් බැවින් මෙතනදි අපි ප්‍රවේශමෙන් කටයුතු කළයුතුව ඇතැයිද අගමැතිවරයා සඳහන් කළේය. සමහර පුවත්පත්වල මේ පිළිබඳව අතිශෝක්තියෙන් කරුණු පළකර තිබුණායැයිද අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගු රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැවරයා මේ බව ප්‍රකාශ කළේය.
ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමති කබිර් හෂිම් මහතා –  ර්‍ණමේ ටෙන්ඩරය ඩොලර් මිලියන 5.5 ක ටෙන්ඩරයක්. මේ ටෙන්ඩරය වසර පහක කාලසීමාවකටයි ලබා දෙන්නේ. ටෙන්ඩර් ලබා ගැනීමේ කාලසීමාව මාස දෙකකට දීර්ඝ කර තිබෙනවා.
සමහර මාධ්‍ය ආයතන මේක බැංකුවේ වංචාවක් ලෙස හූවා දක්වා තිබෙනවා. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා මේ ටන්ඩරය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් ලබාගැනීමට. ඒවා අනුගමනය කරන ලෙස ලේකම්තුමා අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. මෙතන ටෙන්ඩර් ක්‍රමය හරි විදියට ක්‍රියාත්මක කරලා තියෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) – මේ සම්බන්ධයෙන් බැංකුවේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් ඉරිදා පුවත් පත්වල පිටුවක් අදහස් පළ කර තිබුණා. බැංකුවේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉහළ අධිකාරියට පැමිණිළි කර තිබෙනවා. ඒක අපි නිවැරදි කළ යුතුයි. මහජන බැංකුව කියන්නේ මහජනතාවගේ මුදල් තැන්පත් කර ඇති ආයතනයක්.
කබිර් හෂිම් මහතා – අධ්‍යක්ෂවරු මේ ගැන හරිහැටි ක්‍රියාකර තිබෙනවා. මෙතන කිසි ආකාරයක වංචාවක් වෙලා නැහැ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – කතානායකතුමනි මේ ටෙන්ඩරය කාටවත් තවම දීලා නැහැ.
ඇමති කබිර් හෂිම් – කිසියම් ආකාරයක චෝදනාවක්  තිබෙනවා නම්  ඒ චෝදනා බලධාරින් හෙළි කරන්න පුළුවන්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p