සේනක බිබිලේ මහතාගේ උපන් දිනයදා ඖෂධ මිල පහළ දැමීමේ මිල සූත්‍රය රටට එළි දක්වනවා

September 20, 2016

ඖෂධ මිල පහළ දැමීමේ මිල සූත්‍රය මහාචාර්ය සේනක බිබිලේ  මහතාගේ උපන් දිනය යෙදී තිබෙන ලබන 23 දා රටට එළි දක්වන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
මිල සුත්‍රය එදින සිට දිවයින පුරා ක්‍රියාත්මක වීම අනිවාර්්‍යය බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය. ඖෂධ මිල පාලනය කිරිමට රජය ගන්නා වැඩපිළිවෙල කුමන බාධක පැමිණියත් ඉදිරියටම ගෙන යන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p