නුවන් කුලසේකරව අත්අඩංගුවට ගෙන ඇප දෙයි

September 19, 2016

කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවර සිට ‍කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි කුලසේකර පැමිණි රථයට රන්මුතුගල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත.

‍තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී ඇති බව පොලීසිය පවසයි.

පසුව නුවන් කුලසේකර මහර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරිමට මහර මහේස්ත්‍රාත් ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p