සීකා තියෙන රටවලට යන්න එපා

September 19, 2016

ආසියාතික රටවල්වලින්ද මෑත කාලීනව සීකා වෛරසය වැළඳුනු රෝගීන් වාර්තා වී ඇති බැවින් ගර්භණී මවුවරුන් සීකා වෛරසය ඇති රටවල සංචාරය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉල්ලා සිටියි.

එසේම සීකාවලින් වැළැක්වීම  සඳහා මදුරු දෂ්ටයෙන් වැළැකෙන ආකාරයේ පිළියම් අනුගමනය කරන ලෙසත් මෙම වෛරසය ගර්භණී මවුවරුන්ගේ කුස තුළ වැඩෙන දරුවාට බලපෑම් එල්ල කරන බැවින් ගර්භණී සමයේ උණ රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් පැය  24ක්  ඇතුළත රෝහල් ගතවෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

තවද ඕනෑම පුද්ගලයෙකු විදෙස් ගතව සිට පැමිණ සතියක් හෝ දෙකක කාලයක් ඇතුළත උණ රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් තමන් විදෙස් ගතව සිට පැමිණ බව දන්වා අදාළ උණ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ඉල්ලා සිටියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p