කලාවට වටිනාකමක් නියම කරන Kei Meguro

September 19, 2016

කලාව ජීවිතය මෙන්ම ජීවනෝපාය කලාවද වූ අය අද වන විට බොහෝ සෙයින් සිටී. තමන්ගේ රැකියාව විනෝදාංශය වූ කල කිසිදු වෙහෙස මහන්සියකින් තොරව රැකියාව කිරීමට හැකියාව ලැබෙනු ඇත. එයින් රැකියාවටද සාධාරණයක් ඉෂ්ට කිරීමට ඔහුට හෝ ඇයට හැකියාව ලැබෙනු ඇත. මෙවර අප කලාකරුවන්ගේ ලිපියෙන් ගෙනෙනු ලබන්නේ එවැනි කලාකාරිනියක පිළිබඳවයි. ඇය නමින් Kei Meguro වෙයි. ටෝකියෝ නගරයේ උපන් ඇය වෘත්තීමය වශයෙන් ග්‍රැෆික් නිර්මාණකාරිනියකි.

මේ වනවිට නිව්යෝර්ක්හි රැකියාවක යෙදෙන අතර, තමන් උපන් ටෝකියෝ නගරයේ ඇයට හිමි ඇඳුම් වෙළෙඳසැලක් තිබේ. මෙම ඇඳුම් වෙළෙඳසැලේ විශේෂත්වයක් තිබේ. ඒ ඇය විසින් අලෙවි කරනු ලබන නිමිඇඳුම් සඳහා තමන්ගේම වෙළෙඳ නාමයක් හිමි බැවිනි. ඇය මෙම නිමිඇඳුම් සඳහා තමන් විසින් සිතුවම් කරනු ලබන කලා නිර්මාණ යොදාගනිමින් අලංකාර කරනු ලබයි.

කුඩා කාලයේ සිට වර්ණ භාවිතයෙන් තොරව චිත්‍ර ශිල්පය සඳහා වැඩි ඇල්මක් දක්වා ඇති ඇය පාසල් ගමන අවසන් වූ පසුව Visual Arts පිළිබඳව පාඨමාලාවක් හදාරා තිබේ. illustrator සහ graphic designer කෙනෙකු ලෙස රැකියාව ආරම්භ කර ඇති ඇය තවදුරටත් චිත්‍ර කලාව පිළිබඳව හදාරා ඇත. මේ වනවිට ලෝකයේ මිල අධික සහ ජනප්‍රියත්වයට පත් වෙළෙඳ නාමයන් සඳහා ඇය විසින් තමන්ගේ දායකත්වය ලබාදෙනු ලබයි. ඒ අතරින් ඇය විසින් විශේෂයෙන් හඳුන්වනු ලබන වෙළෙඳ නාම වන්නේ, Agete, AOL, ASUS, CHANEL, CLUSE, Daniel Wellington, Dr Jarts+, FARMACY,  Gentry, Hartmann, HBO, HEN Magazine, Huffington Post, IRIS Magazine, Isetan JAPAN, LaForet, Lancome, Little Sunny Bite, L’Oréal, MAN of the WORLD Magazine, NYLON Magazine, Polaroid, Samsung, Sony Music Entertainment, Spotify, Stranger & Stranger, Stylist Magazine, Tiffany & Co., UNDIZ, Walgreens, Wallpaper* Magazine, Winsor & Newton යන වෙළෙඳ නාමයන්ය.

ඇය තමන්ගේ නිර්මාණයන් තම වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර, තම වෙබ් අඩවිය මගින් කිසිදු නිර්මාණයක් අලෙවි නොකරනු ලබයි. ඇය තම නිර්මාණ දායකත්වය ලබාදෙනු ලබන්නේ වගකිවයුතු වෙළෙඳ ආයතන සඳහා පමණි. එමෙන්ම ඇය තම නිර්මාණය දායකත්වය ලබාදෙනු ලබන්නේ යම්කිසි වෙළෙඳ නාමයක් යටතේ එක්තරා කාල සීමාවක් සඳහා පමණි.

Kei Meguro විසින් තමන්ගේ නිර්මාණ ශක්තිය සහ කලාත්මක අදහස් ඉතාමත් අධික මිලකට අලෙවි කරනු ලබයි. ඇය පවසන්නේ යම් ආයතනයක් විසින් නිර්මාණයක් අලෙවිකර ලාබ ලබන්නේ නම්, අලෙවි ආයතනය සේම එම නිර්මාණය අයිති කලාකරුවාද ලාබ ලැබිය යුතු බවයි.

02 03 04 05 06 07 08 main

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p