තැඹිලි අපනයනයෙන් මිලියන 165 ක්‌

September 18, 2016

මෙම වසරේ ජනවාරි 01 වැනි දා සිට මැයි 31 වැනිදා දක්‌වා වූ කාලය තුළ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක්‌ අපනයනය කිරීම මඟින් රුපියල් මිලියන 165 ක්‌ විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇත.

පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 290 කි.

විදෙස්‌ වෙළෙඳපළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 130 ක්‌ වේ. විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක්‌ පවතින අතර බෝතල් කළ සහ පැකට්‌ කළ තැඹිලි වතුර සඳහා ජපානය සහ එක්‌සත් රාජධානිය ආදී රටවලින් විශාල ඉල්ලුමක්‌ ඇත.

කෙසේවෙතත් ඉල්ලුමට සරිලන සැපයුමක්‌ ලබාදීමට තවමත් හැකිවී නොමැති අතර ගම් මට්‌ටමින් තැඹිලි වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්‌ දැනට සකස්‌ කර ඇත.

‍එම වැඩසටහන යටතේ වගාකරුවන්ට උසස්‌ වර්ගයේ බීජ ලබාදෙන අතර, ඔවුන්ගේ අස්‌වැන්න මිලදී ගැනීමද පොල් වගා කිරීමේ මණ්‌ඩලය මඟින්ම සිදු කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p